පාකිස්තාන ජනපතිටත් කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇත.

ඔහුට චීන සිනොෆාම් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වීම විශේෂත්වයකි.

පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බවයි. ඔහුට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත්තේ තවත් සතියකිනි.

අගමැති ඉම්රාන් ඛාන් ද මේ මස මුලදී ඔහුගේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් දින දෙකකට පසුව කොවිඩ් වෛරසය ආසාදකය වී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *