AIA ඉන්ෂුවරන්ස් cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හදුන්වා දෙන ලදී. AIA හී වඩාත් වැදගත් කාර්ය ප්‍රවාහයන් ස්වයංක්‍රීයකරණය කිරීම තහවුරු කිරීම සඳහා Microsoft Azure Logic App තෝරාගෙන ඇත.

AIA හී මෙහෙයුම් අංශයේ මෙන්ම සමාගම පුරාවට ඇති විවිධ අංශයන් වෙත මෙම ස්වයංක්‍රීයකරණ වැඩසටහන දියත් කෙරෙමින් පවතින අතර මේ ඔස්සේ සමාගම වෙත ලැබෙන නව ව්‍යාපාර වල රක්ෂණ ඔප්පු සැකසීමේ සිට සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ අතින් සිදුකරන ලද පාරිභෝගික සේවා ක්‍රියාවලීන් බොහොමයක් ඉදිරියේදී ඩිජිටල්කරණ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු සැකසේ. මෙසේ තාක්ෂණික ස්වයංක්‍රීයකරණය මගින් පලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරලීම මෙන්ම රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ සහ රක්ෂණ හිමිකම් පෑමේ ක්‍රියාවලින් වඩාත් නිරවද්‍යතාවයෙන් ද සිදු කෙරෙනු ඇත.

මේ පිලිබඳ අදහස් දක්වමින් AIA හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි කියා සිටියේ ” AIA හි අප අපගේ සේවාලාභීන් වෙත වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා ඩිජිටල්කරණය වෙත අපගේ සියලු ක්‍රියාවලීන් මාරු කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටින අතර එය අපගේ අතවශ්‍ය ප්‍රමුඛතාවයක්. ශ්‍රී ලංකාව තුළ මෙම කර්තව්‍ය සඳහා පුරෝගාමී සමාගම බවට පත්වීමට ලැබීම ද අපට මහත් අභිමානයක්. cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය ශ්‍රී ලංකාව තුල ඩිජිටල්කරණ පරිවර්තනය සහ ස්වයංක්‍රීයකරණය නව මානයක් කරා රැගෙන යන අතර එම කර්තව්‍ය සඳහා පුරෝගාමී සමාගම බවට පත්වීම අපට ආඩම්බරයක්. මෙම වැඩසටහන සමගින් අපගේ අවසාන ඉලක්කය වනුයේ රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේදී වඩාත් වේගවත්, කාර්යක්ෂම සහ නිරවද්‍ය වූ සේවාවක් අපගේ වටිනා සේවාලාභීන් වෙත ලබා දීමයි. ”

AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා සිය අදහස් දක්වමින් “කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය භාවිතයෙන් සමාගම තුළ අභ්‍යන්තර ක්‍රියාවලීන් වඩාත් වේගවත් සහ කාර්යක්ෂමව මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අවම මැදිහත්වීම සහ සහභාගීත්වය ඇතුව සිදු කෙරෙනු ඇති. මෙම විසදුම සේවාලාභීන්හට වඩාත් පහසුවක් වනු ඇති අතර අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම උපාංගයක් භාවිතයෙන් ලොව ඕනෑම තැනක සිට ඊට පිවිසිය හැකිය. මෙම cloud සේවාව සමාගම පුරාවට ඇති විවිධ සේවාවන්ට සහ බහුවිධ පද්ධති වලට අනුකූලව ක්‍රියාකරනු ඇති අතර එමගින් ඉතාමත් පහසු, සුමට සේවා අත්දැකීමක් එය භාවිතා කරන්නන්හට අත්පත් කරගත හැකිවනු ඇත. ඕනෑම යහක්‍රියාකාරිත්වයක් ලෙසම, සාම්ප්‍රදාය බිද දමමින් නැගී එන නව්‍යකරණය සිදුවිය යුත්තේ ද සමාගම ඇතුළතින්ම වන අතර එමගින් අපගේ අගනා සේවාලාභීන් සැබෑ ප්‍රතිලාභ අත්විදිනු ඇත. අපගේ මේ ප්‍රයත්නය ද ඒ සඳහාමයි!”

AIA ඉන්ෂුවරන්ස් හී අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන නිලධාරී නීති සහ මෙහෙයුම්, චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් “AIA හි අප, සේවාලාභීන්හට අසම සම පහසුකම් සහ සේවා ළඟා කරදිය හැකිවන අයුරින් අපගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් නිරතුරුව වැඩි දියුණු කරමින් සිටිමු. මෙම නව cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය, ව්‍යාපාරය පුරාවට ක්‍රියාවලීන් සහ මෙහෙයුම් වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට ඉවහල් වනු ඇති අතර එමගින් සේවාලාභී අත්දැකීම වඩාත් සතුටුදායක තත්ත්වයක් දක්වා කලමනාකාරනය කරවීම එමගින් සිදුවෙනු ඇත. මේ ඔස්සේ අපගේ අවසාන ඉලක්කය වනුයේ ව්‍යාපාරයේ වැඩි වර්ධනය සමගින්, සේවාලාභීන් සමාගම කෙරෙහි ඇති ලැදියාව වඩාත් වැඩි වර්ධනය කරවීමයි.

නොකඩවා වසර දෙකක් පිට පිට ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිදුම් ලද AIA (ජාත්‍යන්තර බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ප්‍රදානය කරන ලදී ) ඩිජිටල්කරණය අතින් සැමවිට ඉදිරියෙන්ම සිටින අතර අසම සම සේවාලාභී සේවාවක් ලබා දීම වෙනුවෙන් නොකඩවා නව තාක්ෂණික නව්‍යකරණය සඳහා ආයෝජනයන් සිදුකරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 17 =