ඉන්දීය ධීවරයන්ට බලපත්‍රයක් දීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මරන්නට ඉන්දීය ධීවරයන්ට බලපත්‍රයක් ලබා දෙන බවට ප්‍රකාශයක් කළේ යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පිළිබඳව ඇතැම් මාධ්‍යයන් ඔස්සේ ඉකුත් 29වන දින පළ වු ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසතය බව ධීවර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ නිසා ශ්‍රී ලංකාවේ සමහර ධීවර සංගම් සහ ශ්‍රී ලංකා ධීවරයින් අතර යම් කිසි නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බවට සැලවී ඇතැයිද අමාත්‍යංශය කියයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසර ලෙස නීතිවිරෝධිව සිදු කරන මසුන් මැරීමේ ප්‍රශ්ණය දීර්ගකාලයක් තිස්සේ බරපතල ගැටළුවක් ලෙසින් මතු වී ඇති බැවින් මෙයට විකල්ප විසදුම් ගණනාවක් පිළිබදව ශ්‍රී ලංකා හා ඉන්දීය රජය අතර රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර කෙසේ වෙතත් බොටම් ට්‍රෝලින් ක්‍රමයට ධීවර කටයුතු වල යෙදීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව යි.

නමුත් තවත් එක් විකල්පයක් ලෙස ඉන්දීය ධිවර යාත්‍රා යම් ප්‍රමාණයකට සාමාන්‍ය ආකාරයෙන් මසුන් ඇල්ලීම සදහා සතියකට වරක් අධික මුදලක් අය කරමින් බලපත්‍රයක් ලබා දීම පිළිබදවද දෙරට රජයන් අතර සාකච්ඡා කිරීම එක් විකල්පයක් ලෙස තමන් දකින අතර ඒ අනුව එසේ බලපත්‍ර ලබා දෙනයම් සීමිත ධීවරයන් කොටසකට පමණක් අවසර ලබා දීම තුලින් මෙම ප්‍රශ්ණයට යම් විසදුමක් ලබා දීමට හැකිදැයි පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයාඅවධාරණය කර ඇත.

නමුත් මේ පිළිබදව කිසිදු තීරණයක් තවමත් රැගෙන නොමැති බවත් මෙම ගැටළුවට විසදුම් පිලිබදව දිගින් දිගටම ඉන්දීය රජය හා රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටී. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අවසර ලබා දීමට කටයුතු කරන බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් නොකල බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. අප මුහුදු සීමාව තුල ප්‍රධාන ප්‍රශ්ණ දෙක වන ඉන්දීය ධීවරයන් නීති විරෝධීව අපේ මුහුදු සීමාවට ඇතුල් වීම සහ බොටම් ට්‍රෝලින් ක්‍රමයට මසුන් මැරීමට යන ප්‍රශ්ණ විසදීම සදහා අවශ්‍ය පියවර ඉදිරි කාලයේදී ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 5 =