යතුරුපැදි පරීක්ෂා කිරීමේ දින 04ක විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් අද(31) සිට දින 04 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් ද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මකය.

ලබන අප්‍රේල් මස 03 වනදා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මකවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 1 =