අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්-දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) –අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්-බිම් බලා යන ජනතාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ගමනා ගමන කොමිෂන් සභාව සමඟ එක්ව විශේෂ බස් රථ ධාවනය සඳහා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

අවශ්‍ය කරන මාර්ග සඳහා මේ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය. සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන දුම්රියන් සහ සියලු දුර ගමන් සේවා දුම්රියන් ධාවනය සඳහා යොදවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී. ගුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම විශේෂ දුම්රිය සේවාව ලබන 09 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *