අලුත් අවුරුද්දේ සියලු සැමරුම් මග නොහැර සමරන්න නේෂන්ස් ට්‍රස්ට් ඇමෙරිකන් එක්ස්ප්රස් කාඩ් හිමියන්ට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – සිංහල දමිල අලුත් අවුරුදු සමය ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී උත්සව සමයකි. මෙම උත්සව සමයේදී සියලු දෙනාම තමන්ට අත්‍යවශය මෙන්ම සුවිශේෂී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. මෙය මැනවින් හඳුනා ගත් නේෂන්ස් ට්රස්ට් බැංකුව, සිය ඇමෙරිකන් එක්ස්ප්රස් ක්රෙඩිට් කාඩ්පත් හිමියන් මේ කාලයේදී සිදුකරන මිලදී ගැනීම් වෙනුවෙන් තෝරාගත් ව්යාපාරික ස්ථාන 300කට අධික සංඛ්යාවක් වෙතින් පුළුල් පරාසයක වටිනා වට්ටම් හා දීමනා ලබා දීමට කටයුතු කර තිබේ.

මෙමගින් නේෂන්න්ස් ට්රස්ට් ඇමෙරිකන් එක්ස්ප්‍රස් ක්රෙඩිට් කාඩ් පත් හිමියන්ට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙන්ම තවත් මුදලක් ඉතිරි කර ගැනීමටද අවස්ථාව හිමිවේ.

හෝටල් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී තෝරාගත් රන් භාණ්ඩ අලෙවිසැල් වෙතින් 60% දක්වා වට්ටම්, අවන්හල් සේවා ලබා ගැනීමේදී 30% වටිනා මුදල් ඉතිරියක් මෙන්ම ගෘහභාණ්ඩ හා විදුලි උපකරණ අලෙවි ස්ථානයන් වෙතින් 20% දක්වා වටිනා ඉතුරුම් අවස්ථා ද මේ අලුත් අවුරුදු උත්සව සමයේ ඇමෙරිකන් එක්ස්ප්රස් ක්රෙඩිට් කාඩ් හිමියන්ට නේෂන්ස් ට්රස්ට් බැංකුව වෙතින් ලැබෙන වටිනා ප්රතිලාභ අතරින් කිහිපයකි. මෙම වර්ෂයේ මාර්තු මස ආරම්භයේ සිට අප්රේල් මස අවසානය දක්වාම මෙම සුවිශේෂී වට්ටම් හා දීමනා ප්රතිලාභ ලබාගැනීමට නේෂන්ස් ට්රස්ට් බැංකුවේ පාරිභෝගිකයින්ට හැකියාව ඇත. අලෙවි සැලක් වෙත ගොස් හෝ අන්තර්ජාලය හරහා සිදුකරන රෙදිපිළි මිලදී ගැනීම් සඳහා තෝරාගත් විලාසිතා අලෙවි ස්ථානයන් වෙතින් 25% දක්වා වටිනා මුදල් ඉතිරියක් මෙන්ම අලුත් අවුරුදු උත්සව සමයේ තෝරාගත් සුපිරිවෙළඳසැල්වල සිට සාමාන්ය අලෙවිසැල් දක්වා සිදුකරන භාණ්ඩ මිලදී ගැනීම් සඳහා ද වටිනා මුදල් ඉතිරියක් මෙවර ඇමෙරිකන් එක්ස්ප්රස් කාඩ් හිමියන්ට හිමිව තිබේ.

ඇමෙරිකන් එක්සප්‍රස් ක්රෙඩිට් කාඩ් හිමියන්ට මෙම අලුත් අවුරුදු සමයේ හිමිවන උත්සව දීමනා පිළිබඳව අදහස් දක්වන නේෂන්ස් ට්රස්ට් බැංකුවේ ක්රෙඩිට් කාඩ් අංශ ප්රධානී – නිලූක ගුණතිලක මහතා මෙසේ පවසා සිටී. “එළඹෙන අලුත් අවුරුදු උත්සව කාලය සෑම ශ්රී ලාංකිකයෙකුගේම ජීවිතවල වැදගත් කාලයක්. බැඳීම්, නෑකම් මෙන්ම හිතමිතුරුකම් ද නැවුම් කරගනිමින් සාම්ප්රදායන් හා සිරිත් විරිත් සමරමින් සියලු දෙනාම කටයුතු කරන මේ කාලය අපේ පවුල්වල සාමාජිකයින් හා හිතමිතුරන් එක්ක ගතකරන්නට ලැබෙන සුවිශේෂී කාලසමයක්. නේෂන්ස් ට්රස්ට් බැංකුව සිය ඇමෙරිකන් එක්ස්ප්රස් ක්රෙඩිට් කාඩ්පත් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ත්යාග මිලදී ගැනීම, පවුලේ සාමාජිකයින් සමග වාර්ෂික විනෝද ගමනක් සැලසුම් කිරීම හෝ උත්සව සමය වෙනුවෙන් නිවසෙහි අලුත්වැඩියාවන් සිදුකරගැනීම ඇතුළු තවත් බොහෝ අවශ්යතා වෙනුවෙන් මේ උත්සව සමයේදී මතකයේ රැඳෙන වට්ටම් හා දීමනා සහිත මුදල් ඉතිරියක් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. අපේ ජීවිතවල එකිනෙකා සමග පවත්වන සබඳකම් හා බැඳීම් අලුත් වෙන මේ අලුත් අවුරුදු සමයේ වටිනාකම අපි හොඳින්ම දන්නවා.”

ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ අලෙවි සැල්, ගෘහ භාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ අලෙවි සැල් වෙතින් මේ උත්සව සමයේදී නේෂන්ස් ට්රස්ට් ඇමෙරිකන් එක්ස්ප්රස් කාඩ් හිමියන් සිදුකරන මිලදී ගැනීම් සඳහා පහසු හා නම්යශීලී වාරික ගෙවීම් යෝජනා ක්රමද බැංකුව විසින් හඳුන්වාදී තිබේ.

www.americanexpress.lk නේෂන්ස් ට්රස්ට් ඇමෙරිකන් එක්ස්ප්රස් කාඩ් නිල වෙබ් අඩවිය වෙත පිවිස මේ අලුත් අවුරුදු උත්සව සමයේදී ඔබට ලැබෙන වටිනා ප්‍රතිලාභ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ද හැකියාව තිබේ. එපමණක් නොව iOS හා ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති හරහා ක්රියාත්මක කළ හැකි නේෂන්ස් මොබයිල් බෑන්කින් ඇප් එක මගින් ද එම දීමනා පිළිබඳ දැනුවත් වීමේ හැකියාව තිබේ.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක් විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *