බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –උත්සව සමයේදී බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

අප්‍රේල් 10 වනදා සිට සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කෙරේ.

මේ වන විටත් ස්වසන වායු උපකරණ ලබාදී තිබෙන බවත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

දිනකට පුද්ගලයි 08 දෙනෙක් පමණ රිය අනතුරුවලින් මියයාම සිදුවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *