Uber වෙතින් එන්නත් මධ්‍යස්ථාන වෙත යන පුද්ගලයන්ට සහන මිලට ගමන් පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප්‍රදේශයේ පිහිටුවා ඇතිCOVID-19 එන්නත් මධ්‍යස්ථාන 13 වෙත යන ජනතාවට සහන මිලට සිය ත්‍රිරෝද රථ සේවාව හරහා ගමන් පහසුකම් ලබාදීමට Uber පියවර ගෙන තිබේ. රටේ ජනතාවට එන්නත් ලබාදීම සඳහා රජය දරන උත්සාහයට සහය වෙමින්, එම උත්සාහයේදී ප්‍රවාහනය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මගහැරවීමේ උත්සාහයක් ලෙස මෙම පියවර ගැනීමට Uber තීරණය කර ඇත.

මෙම වැඩසටහනට අදාළ Uber ප්‍රවර්ධන කේතය භාවිතා කිරීමෙන් මෙම විශේෂ සහන ගාස්තුව ලබාගත හැකි අතර,ඒ සඳහා අදාළ ගමන් වාරය පහත සඳහන් එන්නත් මධ්‍යස්ථානයක් වෙතින් ආරම්භ වන හො අවසන් වන ගමන් වාරයක් විය යුතු ය.
1. නිව් බසාර් මාතෘ නිවාසය – නිව් බසාර්
2. සී.එම්.සී. ඩිස්පෙන්සරි ඇන්ඩ් මැටර්නිටි හෝම් – කිරුළ
3. මාතෘ හා ළමා සුභසාධක මධ්‍යස්ථානය – බොරැල්ල
4. වැල්ලවත්ත වෙළඳපොළ – වැල්ලවත්ත
5. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බොරලැස්ගමුව
6. ලුනාව රෝහල – එගොඩ උයන
7. රුක්මල්ගමවිහාරස්ථානය – පන්නිපිටිය, මහරගම
8. මාතෘ හා ළමා සෞඛ්‍ය සායනය – සොයිසාපුර, මොරටුව
9. කිචිලන් උත්සව ශාලාව – කොම්පඤ්ඤවීදිය, කොළඹ 02
10. සාමපුර මහල් නිවාස – ෆෝර්බ්ස් පාර
11. ශ්‍රී ධර්මවිජයාරාමය – නවගම්පුර
12. ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය – තිඹිරිගස්යාය
13. ඛෙත්තාරාම මහා විහාරය – ඛෙත්තාරාමය

මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත පණගැන්වීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පහදා දීම සඳහා, සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්වී දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද Uber පියවර ගෙන ඇත.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ, එන්නත් ලබාගැනීමෙන් පසුවද මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම සහ COVID-19 සම්බන්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග නොකඩවා අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. Uber App තුළ ප්‍රදර්ශනය කෙරෙන පණිවිඩ ඔස්සේ පාරිභෝගිකයන්, රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට Uber අපේක්ෂා කරයි. මීට අමතරව තවදුරටත් ජනතාව දැනුවත් කරමින් සාමූහිකව වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා මෝටර් රථ තුළ ප්‍රදර්ශනය කළ හැකි පුවරු රියදුරන් වෙත ලබාදීමටද, ආපනශාලා තුළ ප්‍රදර්ශනය කළ හැකි ස්ටිකර් සහ පෝස්ටර් ආපනශාලා හිමියන් වෙත ලබාදීමටද Uber පියවර ගෙන තිබේ.

Uber සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී සුබෝධ් සංග්වාන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේ ය. “අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයන් හැකිතාක් පිරිසකට එන්නත් ලබාදීම සඳහා රජයට සහය වීමයි. මේ ආකාරයට සහන මිලට ප්‍රවාහන පහසුකම් ලබාදීම යනු, ජනතාවට සුරක්ෂිතව එන්නත් මධ්‍යස්ථාන කරා යාමට ඇති ප්‍රවාහන බාධාවන් ඉවත් කිරීම සඳහා දක්වන වැදගත් දායකත්වයක් බව අප විශ්වාස කරනවා. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවා තිබෙන දැනුවත් කිරීමේ වැඩසටහන මගින්, ඉක්මනින්ම COVID-19 රෝග ව්‍යාප්තියේ බලපෑමෙන් මිදී නැවත තම ජීවිත ගොඩනංවා ගැනීමට වැදගත් වන පුරුදු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට හැකියාව ලැබේවි.”
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනේදී ජනතාව නව ජීවන රටාවන් වෙත හුරු කරවීම සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ඇතිකර ගන්නා හවුල්කාරීත්වයන් ඉතාමත් වැදගත්. COVID-19 රෝගයෙන් ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් මා Uber වෙත මගේ ස්තූතිය පළකිරීමට කැමතියි. DReAM (Distancing, Respiratory etiquette, Aseptic technique සහ Masks) මූලිකාංග වලට අදාළ ආකල්ප හා පුරුදු ජනතාව තුළ ඇතිකරවීමCOVID-19 ව්‍යාප්තියට එරෙහි සටනේ වැදගත් අංගයක්. ආරම්භයේ සිටම ආරක්‍ෂිත ලෙස ජනතාවගේ නිවෙස් වලටම ආහාරපාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනගොස් භාරදීමට Uber දැරූ උත්සාහය ඇගයිය යුතුයි. ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේදී දිගින් දිගටම Uber සමග එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
COVID-19 රෝග ව්‍යාප්තිය ආරම්භයේ සිටම Uber සහ Uber Eats සේවාවන් භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සඳහා පියවර රැසක් ගැනීමට Uber කටයුතු කළේ ය.

රියදුරන්ගේ හා මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්‍ෂිත තිර යෙදීම සඳහා පියවර ගත් ප්‍රථම ‘Ridesharing’සේවාව වූයේ Uber සේවාවයි. මේ යටතේ පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් ත්‍රිරෝද රථ සහ මෝටර් රථ 1,500 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකරන ලදි. එම උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මේ වනවිට ත්‍රිරෝද රථ සහ මෝටර් රථ 4,000 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකර ඇත.

Uber Eats ප්‍රවාහන සේවා සපයන්නන් සඳහා විශේෂ පිරික්සුම් ලැයිස්තුවක් හඳුන්වා දීමට මෙන්ම තවත් ආරක්ෂක පියවර රැසක් නියම කිරීමට Uber කටයුතු කළේ ය. මුහුණු ආවරණ පැළඳ සිටින බව තහවුරු කරන සෙල්ෆි ඡායාරූප, නිතර ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, පාරිභෝගිකයන් සෘජුව මුණගැසීම වෙනුවට නිවස ඉදිරිපස සුරක්ෂිත ස්ථානයක පාර්සල් තබා යාම, සහ සමාජ දුරස්ථකරණයේ වැදගත්කම Uber app ඔස්සේ නිතර සිහිපත් කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත.

Uber ප්‍රවාහන සේවාවන් භාවිතා කරන මගීන්ට ආරක්ෂිතව ගමන් බිමන් යාම සඳහා තාක්ෂණය මුල්කරගත් ආරක්ෂක විධිවිධාන එකතුවක් හඳුන්වා දීමටද Uber පියවර ගෙන තිබේ. අන්තර්ක්‍රියාකාරී ‘Go Online’පිරික්සුම් ලැයිස්තුවක් වන මෙයට, රියදුරා සහ මගීන් සඳහා මුහුණු ආවරණ අනිවාර්ය කිරීම, ක්ෂේත්‍රයේ ප්‍රථම වරට හඳුන්වා දුන් මුහුණු ආවරණ තහවුරු කිරීමේ සෙල්ෆි ඡායාරූප ක්‍රමයක් සහ අනිවාර්ය සුරක්ෂිතතා විධිවිධාන සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පියවර ආදිය ඇතුළත් වී ඇත.

මේ සියල්ලට අමතරව, රියදුරන් සහ ඩිලිවරි සේවා සපයන්නන් සඳහා රු. මිලියන 17.4 ක වටිනාකමකින් යුත්, මුහුණු ආවරණ හා පවිත්‍රකාරක ඇතුළත් පුද්ගලික ආරක්ෂක උපාංග කට්ටල ලබාදීමට Uber කටයුතු කර තිබේ.

එන්නත් මධ්‍යස්ථාන වෙත යාමේදී සහ නැවත නිවෙස් කරා යාමේදී සහන මිලට ප්‍රවාහන පහසුකම් ලබාගන්නා ආකාරය:
1. Uber App හි වම්පස ඉහළ ඇති Menu කොටස Tap කර ‘Wallet’ තෝරන්න.
2. ‘Add promo code’ බොත්තම තෝරා ‘VACCINE50’ තෝරා Add කරන්න.
3. Uber App හි Message කොටසේ හො වෙබ් අඩවියේ දක්වා දක්වා ඇති එන්නත් මධ්‍යස්ථාන අතරින් ඔබට යාමට හො පිටත් වීමට අවශ්‍ය මධ්‍යස්ථානය තෝරන්න.
4. අදාළ Home Screen වෙත ගොස් ඔබේ ගමන් ආරම්භයට හා ගමනාන්තයට අදාළ ස්ථාන ඇතුළත් කරන්න. මෙම ගමන් වාරය අනිවාර්යයෙන්ම ඉහත දක්වා ඇති එන්නත් මධ්‍යස්ථාන 13 අතරින් එකක් වෙතට හෝ වෙතින් විය යුතු ය. එන්නත ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සම්බන්ධයෙන් ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසන්න.
5. UberTukතෝරා ඔබේ ගමන තහවුරු කරන්න.
6. ගමන තහවුරු කිරීමට පෙර දිස්වන අවසන් ගමන් ගාස්තුවට 50% ක වට්ටමක් ලැබී තිබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =