බ්‍රිතාන්‍යයේ වැසියන්ට සතියකට දෙවරක් කොරෝනා පරීක්‍ෂාව

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යය එරට සෑම පුරවැසියෙකුටම සතියකට දෙවරක් ක්‍ෂණික ‍කොරෝනා වෛරස පරීක්‍ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ, වෛරසය පැතිරයාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

රෝගය වැළඳී, රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයින් ද මෙමගින් හඳුනා ගැනීමට අපේක්‍ෂිතය. ඒ අනුව ඉදිරියේදී රටේ ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් ජාත්‍යන්තර ගුවන් ගමන් ද සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබේ.

එසේම බ්‍රිතාන්‍යයේ වසා දැමීමේ නීති ලිහිල් කිරීමේ මීළඟ අදියර සාකච්ඡා කිරීම සඳහා අගමැති බොරිස් ජොන්සන් කැබිනට් මණ්ඩලය හමුවීමට ද නියමිතය. අප්‍රේල් 12වනදා සිට එරට එළිමහන් අවන්හල් ද විවෘත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 3 =