“සෞභාග්‍යා පුලතිසි දැක්ම – 2021” ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –දිරියෙන් ජීවිතය දිනන්නට වෙර දරණ ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා පැවැත්වෙන “සෞභාග්‍යා පුලතිසි දැක්ම -2021” වෙළඳ ප්‍රදර්ශනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) විවෘත කෙරිණි.

මෙම අවස්ථාවවට සමගාමීව polonnaruwa.onlineවෙබ් අඩවිය ද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හැරියේය.

පුලතිසිපුර නව වෙළඳ පරිශ්‍රයේ පැවැත්වෙන මෙම වෙළද ප්‍රදර්ශනය ලබන 11 වෙනිදා දක්වා පැවැත්වේ.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාවගේ අත්කම්, ඇඟලුම් , විලාසිතා, දැව නිෂ්පාදන, රස කැවිලි, පළතුරු, විසිතුරු මසුන් ,විසිතුරු මල් වර්ග, ලිපි ද්‍රව්‍ය සහ ක්‍රීඩා භාණ්ඩ ආදී ඉහළ වටිනාකමකින් යුතු දේශීය නිෂ්පාදන එහිදී මිලදී ගැනීමට හැකිය.

“සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ “අනාගත පොළොන්නරුව” තුළ ග්‍රාමීය ආර්ථිකය සවිබල ගන්වමින් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමේ උනන්දුව වැඩි කිරීමට මෙම ප්‍රදර්ශනය ඉවහල්වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් මෙම ප්‍රදර්ශනය මහඟු පිටුබලයලක්” බව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *