පිලිප් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු කථා ඇතුළත් පොත් දෙකක් එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලංකාවේ අරගලයේ වීරවරයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා 1960 – 1964 වසරවලදී පාර්ලිමේන්තුවේදී සිදු කළ කථා ඇතුළත් පොත් දෙකක් එහි සම්පාදක හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිරිනැමීම සිදුවිය.

කථානායක නිල මැදිරියේදී සිදුවූ එම පොත් පිරිනැමීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේශ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන සහ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *