දිස්ත්‍රික්ක කිහිපයකින් කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(20) නිවේදනය කළේය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 625ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *