සමෘද්ධි අමාත්‍යංශයට මෙරට කරන්න බැරි රාජකාරියක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයට මෙරට කරන්න බැරි රාජකාරියක් නැහැයි කියන එක ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් පසුගිය සෙනසුරාදා ලබා දුන් වගකීමක් වූ , රුපියල් 5000 සේ දීමනාව බෙදා දීමේදී පෙන්වූ බව මෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

නව අවුරුද්දේ රාජකාරී ආරම්භ කරමින් බත්තරමුල් , සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා (19) කාර්යය මණ්ඩලය අමතා රාජ්‍ය ඇමති වරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය,

පසුගිය සෙනසුරාදා උදේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වගකීමක් භාර දුන්නා. ඒ වගකීම තමයි මේ රටේ අහිංසක දිළිදු අඩු ආදායම් ලාභි ජනතාවට රුපියල් 5000 සක දීමනාවක් ඔවුන්ගේ දරු පවුල් එක්ක සතුටින් සිංහල – හිංදු අලුත් අවුරුද්ද සමරන්න ලබා දීම. ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම හිතනවා පසුගිය සෙනසුරාදා සිට ඉරිදා දිනය තිබුණා. සඳුදා සිට අපේ අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඒ අදාල සියලුම නිලධාරින් ඒ වගකීම ඉටු කළා.

එය ඉටු කරද්දී අපට බාදක ගොඩාක් තිබ්බා. අභියෝග රාශියක් ආවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුලු රජය අප්‍රසාදයට පත් කරන්න විවිධ වෘත්තීය සමිතිවල නායකයින් කටයුතු කළා. හැබැයි ඒ සියල්ල පරාජය කරලා අපේ අමාත්‍යාංශයත් ,දෙපාර්තමේන්තුවත් ඒ අභියෝගය බාරගෙන ජයග්‍රහණය කරලා රටේ ජනතාවට රජය විසින් ලබා දීපූ පොරොන්දුව ඉටු කරන් අපට හැකි වුණා. එයට ස්තූතිය සහ මගේ ගෞරවය ඔබ සියලු දෙනාටම පුද කරනවා.
අපට කරන්න බැරි දෙයක් නෑ කියන එක අපි එදා පෙන්නුවා. අපි මේ වන විට ලක්ෂ 23 ට මේ දීමනාව ලබා දී තිබෙනවා. බිලියන 11.5 ක් , මිලියන එකොලොස් දහස් පන්සියයක් අපි වියදම් කරලා තියෙනවා. ඉදිරි දින දෙක තුළ ඒ මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ ඉලක්කට සපුරා ගන්න ලබා දුන් සහයෝගය පිළිබඳ මා විෂය භාර අමාත්‍යවරයා ලෙස සතුටු වෙනවා.

මේ අවුරුද්දට නියමිත සැලස්ම අපි සියලු දෙනාටම ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒක ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරලා රාජ්‍ය සේවයේ , රජයෙන් ජනතාව බලා පොරොත්තු වන සේවාව ඉටු කරමු. එයට ශක්තියක් වීමට මා රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *