ඊයේ පාර්ලිමේන්තුවේ සිදු වූ නොසන්සුන්තාව ගැන සෙවීමට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඊයේ(21) හටගත් නොසන්සුන් තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

අද (22) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් කථානායකවරයා පවසා සිටියේ, එම පරීක්ෂණයෙන් ලබාදෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනි

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවිය.

එහිදී ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 10ක කාලයක් සඳහා සභාව කල් තැබීමට ද කථානායකවරයාට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *