වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන සුඛෝපභෝගී ප‍්‍රයිම් දිගන Scottish Island නිවාස ව්‍යාපෘතිය

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප‍්‍රදේශයේදී ආරම්භ කරන ලදි.

වික්ටෝරියා ජලාශය නෙත ගැටෙන සුන්දර දිගන නගරයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා සුඛෝපභෝගී නිවාස 28ක් ස්කොට්ලන්ත ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිවනු ඇත. මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මෙහි ඇති ආකර්ෂණීය පාරිසරික මිහිරියාව නිසාම ප‍්‍රයිම් සමූහයේ නිවාස ව්‍යාපෘතීන් අතර සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනු ඇත.

මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ප‍්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා මහත්මිය ‘‘ප‍්‍රයිම් සමූහයේ දිගන Scottish Island සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මුළුමනින්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන රමණීය පරිසරයක ගොඩනැංවෙන නිසාම දැඩි තරගකාරී ජීවින රටාවකට හුරුවී සිටින්නන්ට ඔවුන් සොයන සෑබෑ මානසික නිදහස විඳින්නට හැකි හොඳම ස්ථානය Scottish Island සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය බව කිසිදු සැකයක් නැහැ. එමෙන්ම නෙත් මානයේ ඇති වික්ටෝරියා ජලාශය දිගන Scottish Island ව්‍යාපෘතියට ගෙන එන සුන්දරත්වය මිල කළ නොහැකියි. මෙම ව්‍යාපෘතිය යෝජිත මහනුවර අධිවේගී මාර්ගයට ආසන්නව ඉදිවන බැවින් කොළඹ සිට මේ ස්ථානයට පහසුවෙන් ළගා වීමේ හැකියාව නුදුරේදීම මෙහි පාරිභෝගිකයින්ට හිමිවෙනවා. දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ මෙරට කිසිදු ආයතනයකට ළගා විය නොහැකි මට්ටමේ අසම සම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතින් පාරිභෝගිකියන්ට ලබා දිය හැකි එකම සමාගම වන ප‍්‍රයිම් සමූහයට මෙබඳු දැවැන්ත ව්‍යාපෘති වෙත යොමු විය හැක්කේ අප සතු ශක්තිමත් මුල්‍ය පදනම නිසයි. ශ‍්‍රී ලාංකීය දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ පළමු [A-] ණය ශ්‍රේණිය ICRA වෙතින් හිමිකර ගැනීමටද ප‍්‍රයිම් සමූහය සමත් වී සිටිනවා.‘‘ යනුවෙන් පැවසීය.

ප‍්‍රයිම් Scottish Island සුඛෝපභෝගී ව්‍යාපෘතිය යටතේ ඉදිවන සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාසයන් සඳහා නිදන කාමර දෙක, කුන සහ හතර සහිත සෑම නිවෙසක්ම පර්චස් 20 සිට 50 දක්වා විශාලත්වයෙන් යුතු ගෙඋයනකින් සමන්විත වනු ඇත. ද්විත්ව නිදනකාමර සහිත සුඛෝපභෝගී නිවසක ඇතුළත බිම් ප‍්‍රමාණය වර්ග අඩි 1616ක් වන අතර නිදන කාමර 3ක් සහිත සුඛෝපභෝගී ගෘහය වර්ග අඩි 1844ක් සහ නිදන කාමර 4ක් සහිත නිවාස වර්ග අඩි 2004ක් තරම් විශාල ලෙස ඉදිකෙරේ.

ප‍්‍රයිම් සමූහයේ දිගන Scottish Island ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන KWA Architects හි ගෘහනිර්මාණ ශිල්පී තිලාන් කොත්තිගොඩ මහතා ‘‘ මෙම ව්‍යාපෘතිය තුළඅපට අවශ්‍ය වුනේ උඩරට සංස්කෘතික කලා ශිල්ප මතු කෙරෙන සහ මේ පරිසරය ස්කොට්ලන්තයේ ගම්මානයන්හි පරිසරය සිහිපත් කරවන නිසා මේ දෙරටේම සංස්කෘතික අනන්‍යතාවන් මතු කෙරෙන සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමයි. මෙහි නිවාසයන් සැලසුම් කිරීමේදී මහනුවර කලා ශිල්පයෙන් පෝෂණය වූ ගැමි ජීවන හරයත් , වර්තමානයෙහි අපි අත්විඳින සුඛෝපභෝගී ජීවන රටාවේත් සංකලනයක් මතු කිරීමට අපි උත්සාහ ගත්තා. ස්කොට්ලන්ත ගැමි නිවාසයන්හි දැකිය හැකි ගෘහ නිර්මාණ ලක්ෂණයන් අපි දිගන Scottish Island ව්‍යාපෘතියේ නිවාස සඳහා ද යොදා ගනු ලබනවා. ගෙඋයන නිර්මාණය කිරීමේදී උඩරටට ආවේණික මල් සහ ශාක වර්ගයන්ගෙන් එය සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

සෑම නිවසක්ම වඩාත් ඉඩකඩ සහිත සඳළුතලයකින් සහ පියැස්සක් සහිත ජනෙල් කවුළුවලින් සමන්විත අතර නිදන කාමර සහ පියගැට පෙළ දැව පොළවකින් නිමාවකින් නිර්මාණය කෙරේ. සියලූ දොර පියන් තේක්ක සහ මහහෝගනී දැවයෙන් නිමවන අතර ගගනත මුහුණලා ඉදිවන විවෘත උඩු මහල සෑම නිවසකම අසමසම නිමාව මනාව පිලිබිඹු කරයි.

සියලූ නිවාස සඳහා ලොව අනර්ඝතම සන්නාමගත ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කර ඇති අතර වායු සමන පද්ධතිය, යුරෝපයෙන් ආනයනය කළ නානකාමර කට්ටල, මුලූතැන්ගෙයි උපකරණ. ඇතුළු සියලූ සුඛෝපභෝගි අංගයන් ගෙන් මෙම නිවාසයන් සමන්විත වෙයි. 24 පැයේ ආරක්ෂාව, දරුවන්ට සහ වැඩිහිටියන්ට වෙන් වූ පිහිණුම් තටාක, ශරීර සුවතා මධ්‍යස්ථානය, විවෘත එලිමහන් සඳළුතලය සහ poolside bar යන පොදු පහසුකම්වලින් ද මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය සමන්විත වනු ඇත.

ශ‍්‍රී ලාංකීය දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ පළමු [A-] ණය ශ්‍රේණිය ICRA වෙතින් හිමිකර ගැනීමට සමත් වූ ප‍්‍රයිම් සමූහය සිය දිගුකාලීන අරමුණ වූ පොදු හිමිකාරීත්වයක් සහිත සමාගම් සමූහයක් බවට පත්වීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වී ඇත. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නුදුරු අනාගතයේදී මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යමින් පුළුල් කොටස් හිමිකාරීත්ව පදනමක් තුළින් ඉඩම් හා දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර තලයේ තරගකරුවකු බවට පත්වීමේ ඉලක්කය වෙත එළැඹ සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *