(කොළඹ, ලංකාපුවත්) – අන්තවාදී දේශනවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් අදාළ දේශන සංවිධාන කර ඇත.
කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ඊයේ(22) මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් වයස අවුරුදු 40, 52ක් හා 55ක් වේ.
සැකකරුවන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.