රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ දැනට සති අන්තයේ රට වැසීමේ (LOCKDOWN) බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත්, ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දෙයි.

කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි, ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ විය.

එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස්වලටම වී සිටින ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *