කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සිය ප්‍රමුඛතාවය බව එම අමාත්‍යංශය සදහන් කරයි.

පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අපගේ සේවා සැපයීමේ ධාරිතාවය සීමා සහිත විය හැකිය. එබැවින්, ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි/අව්‍යාජ අවශ්‍යතා සඳහා ලබාදෙන සේවා වලට ප්‍රමුඛතාවයක් ලබාදෙනු ඇත.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛණ හා අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමකින් සිදු කළ වෙන්කර ගැනීමකින් පමණි.

එසේ පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගැනීම සඳහා කරුණාකර දුරකථන අංක- 0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් සිදු කරගත හැකි බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *