කථානායකගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසි බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුව තුළදී තරයේ පිළිපඳිමින් සහයෝගය ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් අද (04) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත්, කථානායකවරයා සියලුම මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටීයේය. එම නිවේදනය පහත දැක්වේ.

“පසුගිය අප්‍රේල් 30 වැනිදා දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ වන විට දිවයිනේ උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමි. ඒ අනුව, පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී, මුඛ ආවරණ පැළදීම, දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපදිමින් සහයෝගය ලබා දෙන ලෙසත්, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, ආරක්‍ෂක අංශවලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම දෙනා ද පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී මෙකී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කිරීමේ අත්‍යවශ්‍යතාවය ද දැඩිව අවධාරණය කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *