ආක්ෂේගෙන් කොවිඩ් මර්ධනයට ඩොලර් කෝටියක පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඩොලර් මිලියන 01 ක මුදලක් ආධාර වශයෙන් පරිත්‍යාග කොට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකි.

ආක්ෂේ මෙම මුදල ලබා දි ඇත්තේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්ක පිතිකරු ගෞතම් ගාම්භිර් විසින් පවත්වා ‍ගෙන යන පදනමක් සඳහාය.

ඒ මේ වනවිට ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අසරණ වි ඇති ඉන්දීය ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර, ඔක්සිජන් හා ඹෟෂධ වර්ග ලබා ගැනීම සඳහාය. ගෞතම් ගාම්බිර් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, ජනප්‍රිය නළුනිළීයන් සේම ව්‍යාපාරික පුද්ගලයන්ද සිය පදනම් හරහා ඉන්දීය ජනතාවට සේවය කරමින් සිටියි.

පසුගිය අප්‍රේල් මාසයේදී ආක්ෂේ කුමාර්ට ද කොවිඩ් වෛරසය වැළඳී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *