AIA ඉන්ෂුවරන්ස් සිය බෙදාහැරීම් ජාලයේ ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් අගයයි

(කොළඹ, ලංකාපුවත්) –AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා සිය බෙදාහැරීම් ජාලයේ තුළ සේවය කරමින් සමාගමට අගනා දායකත්වයක් ලබාදෙන ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් ඇගයීමට ලක්කරන ලද අතර මෙහිදී ඇතැම් කළමනාකරුවන්ගේ උසස් වීම් ද සමරණ ලදී.

මෙම උත්සව අවස්ථාවේ දී, ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන් දිගු කාලීනව ලබා ඇති ජයග්‍රහණයන් මෙන්ම බෙදාහැරීම් අංශයේ සාර්ථකත්වය උදෙසා ඔවුන්ගේ මහත් කැපවීම සහ දායකත්වය ඇගයුමට ලක් කෙරිණි. 2009 වසරේ දී සමාගමේ සමස්ත බෙදාහැරීම් ජාලයේ කොටසක් ලෙස එක්වුන ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන් එතැන් පටන් සමාගමේ ව්‍යාපාරික සාර්ථකත්වය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. මෙම අවස්ථාවේ දී ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල කළමණාකරුවන්ගේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඔවුන් අතර ඔවුනගේ ව්‍යාපාරයේ දියුණුව සඳහාම වන හිතකර සහ යහපත් තරඟකාරීත්වයක් ඇතිකරලීමද අපේක්ෂා කෙරිණි.

පසුගිය දශකයක කාලය තුල දී ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල බෙදාහැරීම් ජාලය ඉතා දියුණු තත්ත්වයක් කරා ගමන්කර ඇති අතර දැනට සමස්ත බෙදාහැරීම් ජාලයේ මුළු නව ව්‍යාපාර වලින් 18% ක දායකත්වයක් ගෙන එන්නේ මෙම අංශයයි. මෙම උත්සවයේ දී මෙම කළමනාකරුවන් ගේ කාර්යසාධනය මත උසස් වීම් ප්‍රදානය කරන ලදී. එහිදී ඉහළම නිල නාමය සහිත උසස් වීම ප්‍රදානය මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරු වන විනොල් ප්‍රියසෙනරත් හට හිමි වූ අතර ඔහු සහකාර සාමාන්‍යාධිකාරී තනතුරට උසස් කරන ලදී. එමෙන්ම තිස්සමහාරාමය කාර්යාලයේ දිලීප අමීන්ද්‍ර සහ මාවනැල්ල කාර්යාලයේ වයි. ජී. ජී. බී. යටිගම්මන, විධායක ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් ලෙසත් කුරුණෑගල සහ පානදුර කාර්යාලයන් හී චමින්ද ගුණතිලක සහ චමින්ද දසනායක ජේෂ්ඨ ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුවන් ලෙසත් උසස් වීම් ලබන ලදී.

AIA ඉන්ෂුවරන්ස් හී සහකාර විධායක නිලධාරී සහ ප්‍රධාන බෙදාහැරීම් විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා මෙම විජයග්‍රාහී කළමනාකරුවන් විසින් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන මිල කල නොහැකි දායකත්වය පසසමින් සමාගමේ අනාගත උන්නතිය වෙනුවෙන් මන්පෙත් විවර කර දීම පිළිබඳව ඔවුන් සියළු දෙනා වෙත ඔහුගේ ස්තුතිය පුදකර සිටින ලදී. දිගු කාලීන ව්‍යාපාර සාර්ථකත්වය කරා සමාගම රැගෙන යාමට ඔවුන්ව තවදුරටත් දිරිමත් කරමින් අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව අපගේ වටිනා සේවාලාභීන් වෙත සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟාකර දීමට සහාය වීමේ කාර්යයේ දී ඔවුන්ගේ භූමිකාව පිළිබඳවත් මතක් කරදෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *