අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම වෙනුවෙන් නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින කොවිඩ් වසංගතය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම වෙනුවෙන් නව ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් අද (13) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

ගොවීන් මුහුණදී ඇති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දීම ද මෙම සාකච්ඡාවේ තවත් අරමුණක් විය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ සහ බස්නාහිර පළාත් දිසාපතිවරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *