සයිනෝෆාම් සහ ස්පුට්නික් එන්නත් පුද්ගලයින් 80,000කට ලබා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ(12) පුද්ලයන් 80,277 ක් පමණ එන්නත් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එනනත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මෙසේ ලබා දී ඇත.

රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දී මෙම එන්නත් කරණය සිදු කළ අතර එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දිගු පොලිම් ද දක්නට ලැබුණි.

මීට අමතරව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 10,189 දෙනෙකුටද ඊයේ දිනයේදී ලබාදීමට කටයුතු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ 31,557 දක්වා ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *