Upfield, ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදනයන්හී ශාක පෝෂණය ඉහළ නංවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ශාකමය පෝෂණ සමාගම වන Upfield ඇස්ට්‍රා සහ ෆ්ලෝරා තැවරුම් වැනි ඉහළ ශාකමය පෝෂණයෙන් යුත් නිෂ්පාදන හරහා තිරසාර ආහාර සංස්කෘතියක් බිහිකිරීමෙහිලා කැපවීමෙන් ක්‍රියා කරන බව නිවේදනය කරයි.

1871 වර්ෂයේ ස්ථාපිත Upfield සමාගම ‘ශාක පෝෂණය තුළින් හොද අනාගතයක්’ යන අරමුණ පෙරදැරි කර ගෙන ශාකමය ආහාර රටාවකට ජනතාව හුරුකරවීමට ක්‍රියා කරයි.

ශාකමය තැවරුමක් වන ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන දෙකම කිරිවලින් නිෂ්පාදිත බටර් වලට සාපේක්ෂව දේශගුණික බලපෑම් සදහා හේතුවන කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම 70% කින් අවම කරයි. එපමණක් නොව ශාකමය තැවරුම් නිෂ්පාදන ක්‍රියාවලිය භූමි පරිභෝජනය වසරකට වර්ග මීටර් 8 කින් අඩු කරන අතර ජල පරිභෝජනය ලීටර් 100 කින් අඩු කරයි. ශාකමය තැවරුම් කිරිවලින් නිෂ්පාදිත බටර් වලට සාපේක්ෂව පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම කි. ග්‍රෑම් 09 කින් අඩු කරයි.

විටමින් ඒ සහ ඩී වලින් අනූන ඇස්ට්‍රා වැඩෙන දරුවන්ගේ පෝෂණීය තේරීම ලෙස මව්වරුන්ගේ විශ්වාසය දිනා ගෙන ඇත. විටමින් ඒ සමෙහි පෝෂණයට උපකාරී වන අතර ඇස් පෙනීම වර්ධනය කරයිග විටමින් ඩී මාංශ පේෂීන් වර්ධනයට මෙන්ම අස්ථීවල ශක්තිමත්භාවය වැඩි කිරීමට හේතු වේ. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් ඉහළ රසවත් නිෂ්පාදනයක් ලබා දීම සදහා ජාත්‍යන්තර මෙන්ම දේශීය ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍යයට අහිතකර ට්‍රාන්ස් මේදයෙන් තොර බව තහවුරු කරන නව තාක්ෂණික ක්‍රියාවලියක් හරහා ඇස්ට්‍රා නිෂ්පාදනය කරයි. සෞඛ්‍යයට හිතකර තැවරුමක් ලෙස ප්‍රචලිත ෆ්ලෝරා, නිෂ්පාදනය කරනුයේ ඔමේගා 3 සහ 6 පෝෂක අඩංගු සූරියකාන්ත සහ කැනෝලා යන මෘදු මේදය භාවිත කරමිනි.

සමාගමේ මූලික දැක්ම වන ‘ශාක පෝෂණය තුළින් හොද අනාගතයක්’ යන්න හා සමගාමීව Upfield සෑම විටම පර්යේෂණ සහ සංවර්ධනය සදහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම කරන පෝෂණයෙන් මෙන්ම රසයෙන් ද ඉහළ නිෂ්පාදන හදුන්වාදෙයි. ඒ අනුව, පරිසර හිතකාමී ආචාරධර්මානුකූල ආහාර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ජාත්‍යන්තර බලවේගයට Upfield දායකත්වය ලබා දේ.

(COLOMBO, LANKAPUVATH) –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *