පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිගෙන් පොලිස්පතිට පිටු 130ක ලේඛනයක්

(කොළඹ, ලංකාපුවත්) – 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.

පිටු 130 ක ලේඛනයක් එලෙස යවා ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, ‘ඒ’ කාණ්ඩයේ සැකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි සහ තවත් සැකකරුවන් 05 දෙනෙකුට එරෙහි විමර්ශන පිළිබඳව එහිදී විමසා ඇත.

එම විමර්ශන අසම්පූර්ණ බවත්, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා වෙත පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + fifteen =