ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයක

(කොළඹ, ලංකාපුවත්) – ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය දින 11 පුරා පැවැති ගැටුම් තාවකාලිව අත්හිටුවමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකගතාවයකට පැමිණ ඇත.

මෙම සටන් විරාමයේ මැදිහත්කරුවා ලෙස ඊජිප්තුව පෙරමුණ ගෙන කටයුතු කරයි. ඒ අනුව ඊජිප්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඊශ්‍රායලයට සහ ගාසා තීරයට පැමිණීමට නියමිතව තිබෙන බව වවිදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාව කටයුතු කරන්නේ සහය පාර්ශවයක් ලෙසිනි.

අද අලුයම 2 ට පමණ සටන් විරාමය ආරම්භ වූ අතර දින 11 ක් අඛණ්ඩව දෙපාර්ශවය එල්ල කර ගත් ප්‍රහාර මේ වන විට තාවකාලිකව නතර වී තිබේ.

ගාසා තීරය පදනම් කර ගනිමින් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අවස්ථා රැසක දී ගැටුම් හට ගැණුනි.

එහෙත් 2014 වසරෙන් පසුව පැවැති දරුණුතම ගැටුම්කාරී අවස්ථාව හටගත්තේ පසුගිය 10 වැනිදාය. එදින සිට ඊයේ දක්වා ඊශ්‍රායලය හමාස් සංවිධානය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කළ අතර හමාස් සංවිධානය ද ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය. දෙපාර්ශවයේ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 232 දෙනෙකු සහ ඊශ්‍රායලයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දහසකට අධික පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *