එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඩොලර් මිලියන 164 ක ආධාර ඉල්ලා සිටී

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්තවන මාරාන්තික කොවිඩ් 19 රැල්ලෙන් ජීවිත බේරාගැනීම සඳහා සහායවීම පිණිස ඔක්සිජන් සහ රෝග පරීක්ෂණ කට්ටල සැපයුම්, වෛද්‍ය උපකරණ, පෞද්ගලික ආරක්ෂණ කට්ටල සහ ආසාදනයවීම වැළැක්වීම හා පාලනය කිරීමට අවශ්‍ය ආධාරක මිළදීගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක් වහාම අවශ්‍ය වී ඇතැයි එම අ රමුදල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ලෝකයේ දෛනිකව හඳුනාගන්නා නව ආසාදිතයින්ගෙන් අඩක් පමණ බිලියන 2 ජනතාවක් වාසය කරන මෙම කළාපයෙන් වාර්තාවේ. සෑම තත්පරයකටම නව කොඩිඩ් ආසාදිතයින් තුන් දෙනෙකුට වඩා වාර්තාවේ. ඒ සමග කළාපයේ මරත්‍යතාවය කැපිපෙනෙන අන්දමින් ඉහළයමින් පවතින අතර සෑම විනාඩියකම පුද්ගලයින් 3 දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් 19 නිසා මරණයට පත්වේ.

“අතිශයින් වේගවත් පරිමාණයකින් පැතිරයන නව කොඩිඩ් 19 රැල්ල රටවල්වල දැනට පවත්නා ජීවිත බේරාගැනීමේ ප්‍රතිකාර පහසුකම් අභිබවායමින් පවතිනවා” යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියාව සඳහා වූ කළාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා අඩ්ජෙයි පැවසීය.

රෝහල්වලට දරාගැනීමට නොහැකි තත්වයක් ඇතිවි තිඛෙන අතර ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් හිගයක් සමගින් දුර්වලවී තිඛෙන සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමක් ඇතිවී තිබේ.

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමුන් 228000 ක් සහ මව්වරුන් 11000 ක් මරණයට පත්විණි. ,අපි දැන් මුහුණදී සිටින්නේ පළමුවර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්වයකටයි. ළමුන් සහ මව්වරුන්ගේ ජීවිත සුරැකීමට ඉමහත් දායකත්වයක් ලබාදෙන අතිශය වැදගත් සෞඛ්‍ය සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් කොවිඩ් 19 වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරිමට අපි අපට සිදුකළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි, යනුවෙන් ලර්යෙයා අඩ්ජෙයි පැවසීය.

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් සිදුවූ වැඩිම මරණ ගණන මැයි 18 වැනිදා ඉන්දියාවෙන් වාර්තාවු අතර එය 4529 ක් විය. අසල්වැසි නේපාලයේ කොඩිඩ් ආසාදිතවූවන් ලෙස හඳූනාගන්නනගේ ප්‍රතිශතය 47% ක් තරම් ඉහළ අනුපාතිකයක් වේ. මේ අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ දෛනිකව කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළයමින් තිඛෙන අතර මාලදිවයිනේ අගනුවර රෝහල් ධාරිතාවය උපරිමයට ලගාවී තිබේ. බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, භූතානය යන රටවලද මෙවැනිම දරාගත නොහැකි තත්වයන් ඇතිවීමට ඉඩතිබේ. මාලදිවයින සහ භූතානය හැරුණුකොට මෙම කළාපයේ අනෙකුත් සියලූම රටවල්් කොවිඩ් 19 ට එරෙහිව එන්නත් ලබාදී ඇත්තේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් පුද්ගලයකුටත් අඩු ප්‍රමාණයකටය.

මෙම අරමුදල් පහත සඳහන් කරුණු සඳහා අවශ්‍ය වේ.

• රෝහල් සඳහා අදාළ ස්ථානයේදීම ඔක්සිජන් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රාගාර, පහසුවෙන් ගෙන යා හැකි ඔක්සිජන් සාන්ද්‍රකරණ උපකරණ සහ සිලින්ඩර සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 32 ක්
• RT-PCR සහ RNA යන්ත්‍ර ඇතුලූ වෛද්‍ය සහ රෝග විනිශ්්චය කිරීමේ උපකරණ මිළදී ගැනීම සඳහා ඇ. එ. ජ ඩොලර් මිලියන 40 ක්
• සෞඛ්‍ය සහ අනෙකුත් ඉදිරිපෙළ කාර්යයමණ්ඩලවල ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය මුහුණු ආවරණ, මුහුණු වැසුම්, අත්වැසුම්, ආරක්ෂක කබා, වයිසර් මිළදී ගැනීම සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 60 ක්
• අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සත්කාර සේවාවන් සුරක්ෂිතව ලබාදීම සඳහා අත් සේදීමේ පහසුකම්, සනීපාරක්ෂක දියර, විෂබීජහරණ උපකරණ, පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ ස්වස්ථතාවය සුරැකීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිළදී ගැනීම සඳහා ඇ. එ. ජ ඩොලර් මිලියන 28 ක්
• චිකිත්සක සහ වෛද්‍ය සැපයුම් ඇතුලූව පෝ්ෂණ සහ පාරිභෝජන ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා ඇ.එ. ජ ඩොලර් මිලියන 3.7 ක්

අතිශයින් වැදගත් සෞඛ්‍ය සැපයුම්සේවා සම්පාදනය මගින් ජීවිත සුරැකීම පමණක් නොව දකුණු ආසියාව පුරා ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධති ගොඩනැංවීමටත් එමගින් වසංගතයේ නව තත්වයන් අනාගතයේ ඇතිවීමට පෙර වළත්වා ගැනීමටත් හැකිවනු ඇත. මෙයට අමතරව මෙම සැපයුම් මගින් කාන්තාවන් සහ ළමුන් සඳහා සෞඛ්‍ය සත්කාර සේවාවන් ශක්තිමත් කිරීමටත් උපකාර වනු ඇත. ඔක්සිජන් චිකිත්සාවන් ලබාගැනීමට පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් කළාපයේ දක්නට ලැඛෙන ළමාවියේ ඇතිවන නිව්මෝනියා රෝග තත්වයන්ට එරෙහිව සටන් කිරිමටත් කොඩිඩ් 19 වෛරසය හඳුනාගන්නා RT-PCR පරීක්ෂණ යන්ත්‍ර උපයෝගී කරගෙන ක්ෂය රෝගය HIVඒඩ්ස්, HPV ලිංගාශ්‍රිතරෝග සහ streptococcus බැක්ටීරියා ආසාදන වැනි රෝග පරීක්ෂාකර හඳුනාගැනීමට හැකිවනු ඇත.

දකුණු ආසියානු කළාපයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත තත්වය මගින් කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලෝක මට්ටමේන් ලබාගෙන තිඛෙන ප්‍රගතියට තර්ජනයක් ඇතිකරනු ලබන අතර අතිශයින් අභියෝගාත්මක තත්වයන් හමුවේ ළමා සහ මාතෘ ජීවිත සුරැකීම පිලිබඳව අප ලබාගෙන තිඛෙන ජයග්‍රහන පසුබෑමට පත්කරනවා යනුවෙන් ලර්යෙයා අඩ්ජෙයි පැවසීය ,මෙම තත්වය ඇතිවීම වැළැක්වීම සඳහා අපි ඔබගේ සහාය ඉල්ලා සිටිනවා,

කොවිඩ් 16 වසංගතය හමුවේ ජීවිත සුරැකීමට අවශ්‍ය සැපයුම් ලබාදීමට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දකුණු ආසියාවේ පවත්වාගෙන යනු ලබන සේවාවන්ට පහත සඳහන් ඒවාද ඇතුළත්ය.

• ආසාදනයවීම වැලැක්වීම සහ එන්නත්කරණය පිළිබඳව විශ්වාසය ගොඩනැවීම සඳහා පවුල්වලට තොරතුරු සහ සම්පත් ලබාදීම
• පිරිසිදු ජලය හා සනීපාරක්ෂක සේවාවන් ලබාගැනීම් හැකියාව ඉහළ නැංවීම
• වඩාත් අවදානමට ලක්වී තිඛෙන පවුල්වලට මුදලින් සහාය ලබාදීම
• රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධකරගනිමින් ළමුන්ට අඛණ්ඩව ඉගෙන ගැනීමට සහාය ලබාදීම සහ
• වංසගතයෙන් සෘජුවම බලපැමට ලක්වූ ළමුන්ට සහ යෞවනයින්ට මානසික සෞඛ්‍ය සේවා සහ ආරක්ෂාව ලබාදීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =