අද රාත්‍රී 11 සිට මුළු දිවයිනටම සංචරණ සීමා

(කොළඹ, ලංකාපුවත්) – අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවනු ලබයි.

එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සහ වෙසක් සතිය නිමිත්තේ සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීම සඳහා අදාළ පියවර ගත් බව යුද හමුදාපතිවරයා පැවසුවේය.

සංචරණ සීමා ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *