අප්ෆීල්ඩ් ලංකා සමාගමෙන් ICU ඇදන් 10ක් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එම රෝගීන් සදහා අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සැපයීමේ අභියෝගයකට රජය මුහුණ දෙමින් සිටී. මෙම අභියෝගාත්මක අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සදහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා වනිතා ඒකකය හරහා 2021 මැයි මස 17 වෙනි දා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රික් ICU ඇදන් 10ක් පරිත්‍යාග කරන ලදි.

අප්ෆිල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී, ආරක්ෂක අංශ ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම පරිත්‍යාගය බාර දෙන ලදී. මෙම අවස්ථාව සදහා අප්ෆීල්ඩ් සමාගමේ නිලධාරින් සහ NOCPCO හී නිලධාරින් සහභාගී වන ලදි. මෙම පරිත්‍යාගය හරහා මෙරට ජාතික රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා ICU ඇදන් සංඛ්‍යාව වැඩි කිරීමෙහිලා රජය දරන වෑයමට සහය වීම, අප්ෆීල්ඩ් ලංකා සමාගමේ අරමුනයි.

2020 වසරේ මෙරට කොවිඩ් 19 රෝගය පැතිරීම ආරම්භ වුණ දින සිට අප්ෆීල්ඩ් ලංකා සමාගම මෙම තත්වය පාලනය කිරීමට මෙන්ම වසංගතය නිසා පීඩාවට පත් ජනතාවට සහාය වීමට වැඩසටහන් රැසක් දියත් කරන ලදි.

පසුගිය වසරේ රට වසා තිබු කාලයේ කොවිඩ් නිරෝධායන රෝගීන්ට මෙන්ම ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය පෝෂණය ලබා දීම සදහා අප්ෆීල්ඩ් ලංකා සමාගම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව, ඇස්ට්‍රා සහ ෆ්ලෝරා කිලෝග්‍රෑම් 5000 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් හමුදාවට සහ රජය නිලධාරීන්ට සහාය දක්වන ලදි.

2021 පෙබරවාරි මස, කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව විශේෂයෙන් ශ්‍රී ලාංකික මව්වරුන්ට සහාය වීම සදහා ඇස්ට්‍රා, සමෘද්ධි ව්‍යාපෘතිය සමග එක්ව ‘ඇස්ට්‍රා වනිතා දිරිය’ වැඩසටහන දියත් කරමින් කාන්තාවන්ට බේකරි ව්‍යාපාර ආරම්භ කිරීම සදහා සහාය වන ලදි. මේ වන විට මෙම වැඩසටහන හරහා බස්නාහිර පළාතේ කාන්තාවන් 750 කට වැඩි සංඛ්‍යාවකට සහතිකපත් පිරිනැමූ අතර 2023 වර්ෂය අවසාන වන විට ගෘහස්ථ බේකරි නිෂ්පාදකයින් 14,000 ක් බිහි කිරීමට බලාපොරොත්තු වේ.

ඇස්ට්‍රා යනු, ලංකාවේ දරු පරමුර කේන්ද්‍ර කරගත් වර්ග නාමයකි, එමනිසාම ඇස්ට්‍රා මෑත දී පැවැත් වූ සා.පෙළ විභාගය ආරක්ෂිතව පැවැත්වීමට සහාය වෙමින් ඒ සදහා සහභාගී වූ විභාග සමීක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයේ කලාප නිලධාරීන් හරහා පුද්ගලික ආරක්ෂණ ඇදුම් කට්ල 200 කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙන ලදි.

වසර 55 කට වැඩි ශ්‍රී ලාංකීය ඉතිහාසයකට උරුමකම් කියන ආහාර නිෂ්පාදන ආයතනයක් වන අප්ෆීල්ඩ් ලංකා සමාගම මෙරට අභිවෘද්ධිය සදහා අඛණ්ඩව දායක වෙමින් පවතින අතර, තවත් මෙවැනි වැඩසටහන් රාශියක් දියත් කිරීමට බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *