බෝකෝ හරාම් ත්‍රස්ත නායකයා සියදිවි නසා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –නයිජීරියාවේ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබුබකර් ශෙකාඕ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමාව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට හසුවෙතැයි බියෙන් ශෙකාඕ බෝම්බයක් පුපුරවාගෙන මියගොස් ඇති බවට මේ වනවිට සැක පළකෙරෙන බව නයිජීරියාවේ බුද්ධි අංශ නිලධාරීන් සදහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සම්බීසා ඝන වනාන්තරයේ පිහිටි ස්ථානයකදී ඔහු මරණයට පත්ව ඇති බවය.

බෝකෝ හරාම් සංවිධානයෙන් කැඩී ගිය “Islamic State West African Province” නම් සංවිධානයේ පිරිසක් විසින් අබුබකර් ශෙකාඕ ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඇඳුමක් (වෙස්ට් එකක්) පුපුරුවා පුපුරුවාගත් බවය.

2014 දී පාසලකින් ශිෂ්‍යාවන් 300 කට ආසන්න ප්‍රමාණයක් පැහැරගෙන යාමෙන් ශෙකාඕ, ගෝලීය වශයෙන් අපකීර්තියට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *