හදිසි අපදා තත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාවත් සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග මෝසම සක්‍රියවිමත් සමග ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරයි.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් උපදෙස් ලබාදි ඇත.

අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානාවන් චීනවරාය ගුවන් හමුදා විද්‍යා පිඨ කදවුරේ හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ සුදානම් කර තිබේ.

එමෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා රත්මලාන ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් හා බෙ 412 හෙලිකොප්ටර් යානා 02 ක් ද, හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර බෙල් 212 හෙලිකොප්ටර් යානා 03 ක් ද, පලාලි ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් ද, අනුරාධපුර ගුවන්
හමුදා කදවුර තුල එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක් ද සමග මුදවා ගැනිම් සදහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිෙම්න්තු විශේෂ කාර්ය බලකා භට පිරිස් ද මේවන විට සුදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *