‘එක්ස්ප්‍රස් පර්ල්’ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ ලබාගනියි

(කොළඹ, ලංකාපුවත්) – ගිනි ගැනීමට ලක්වු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අද (31) දිනයේ දී ප්‍රකාශ සටහන්කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව අදාළ නැවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ද ප්‍රකාශ ලබාගනියි.

වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින හෝටලයේ දී අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කපිතාන්වරයා හා ප්‍රධාන ඉංජිනේරුවරයා රුසියානු ජාතිකයින් වන බවත් නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඉන්දීය ජාතිකයෙක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා දස දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *