සයිනෝෆාම් දෙවන මාත්‍රාව 08 වැනිදා සිට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලබන 08 වැනිදා සිට ලබා දීම ආරම්භ කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයෙන්ම දෙවන මාත්‍රාව ද ලබාදීමට සැලසුම් කර තිබේ.

ඊයේ දිනය වන විට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 666,612 දෙනෙකුට ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *