හෙට සිට ගුවන්ගමන් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ගුවන්යානාවලට හෙට සිට නැවතත් මෙරටට පැමිණීමේ පහසුකම් සැලසෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සංචරණය සීමා පැනවීමත් සමඟ අප්‍රේල් මස 31 දක්වා ගුවන්යානා මෙරටට පැමිණීම නතර කිරීමට රජය පියවර ගෙන තිබිණි.

ඒ අනුව හෙට සිට නැවතත් සාමාන්‍ය පරිදි ගුවන් ගමන් කටයුතු ඇරබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ අද (31) මිනුවන්ගොඩ පැවති දිවංගත රෙජී රණතුංග මහතාගේ සැමරීමේ අවස්තාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීම ද කිරීමද අනිවාර්ය යැයි එහිදී අමාත්‍යවරයා පැවසීය.

රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා නිරෝධායන ක්‍රියාවලියට සහාය පළ කිරීම සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුගතවීම වීමත් සියලුම ගුවන් මගීන්ගේ වගකීමක් බවද අවධාරණය කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

සංචාරක ව්‍යාපාරය බිඳ වැටුනේ පාස්කු ප්‍රහාරයත් එක්ක. කොවිඩ් වසංගතය නිසා ව්‍යාපාරය තවත් කඩා වැටුණා.පහුගිය කාලයේ සංචාරක ක්‍රමවේද අනුගමනය කරමින් මෙරටට සංචාරකයින්ට පැමිණීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදී පැමිණි සංචාරකයින්ගේ 0.067% ක් වගේ ප්‍රමාණයක් තමයි පොසිටිව් වුනේ. ආණ්ඩුවට බලපෑමක් නොවන ආකාරයට ඔවුන්ගේ රක්ෂණය හරහා ප්‍රතිකාර ලබාදුන්නා. ඉදිරියටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මිලියන 3 ක පමණ ජනතාවක් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ජීවත් වන නිසා සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ අනුව සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ලංකාවට පැමිණීමේ අවස්ථාව හිමිවෙනවා. මේ අවස්ථාවේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වීමේ අදහසක් නැහැ.

ඒ වගේම 07 වෙනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව තීරණය කරන්නේ කොවිඩ් මර්දන කමිටුවයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍යය අංශ තීරණ අනුව මිස විපක්ෂය හෝ නොයෙකුත් සංවිධාන වල අදහස් අනුව නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *