කොවිඩ් හමුවේ පහසුකම් නොලබන ආගමික ස්ථානවලට ප්‍රත්‍ය පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙසේ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමීම ක්‍රියාත්මක වේ.

මෙයට පෙර රට අගුලු දැමූ අවස්ථාවල සහ සංචරණ සීමා පැනවූ කාලවල දී ද අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ආගමික ස්ථාන වෙනුවෙන් ප්‍රත්‍ය පහසුකම් සැපයීම අඛණ්ඩව සිදුවිය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන, මෙහෙණි ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථානවලට “සතොස” සහයෝගය ඇතිව වියළි ආහාර සලාක පාර්සලයක් හිමිවනු ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ සියලුම ආගම් නියෝජනය වන පරිදි අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් එම ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතවත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =