(කොළඹ, ලංකාපුවත්) –අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ලෙස, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (SSP) ඉමේෂා මුතුමාල මහත්මිය පත් කර තිබේ.
එම පත්වීම සිදු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය පරිදිය.
පොලිස් මූලස්ථානය පැවසුවේ ඉමේෂා මුතුමාල මහත්මියට පොලිස් සේවයේ වසර 14 ක සේවා පළපුරුද්දක් ඇති බවයි.
ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබා ගෙන ඇත. ඉමේෂා මුතුමල මහත්මිය අමෙරිකා එක්සත් ජනපදය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පාඨමාලා හදාරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම ඇය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිශ්කාශන වාර්තා ඒකකයේ රාජකාරී සිදු කර ඇත.