මන්ත්‍රීවරුන්ට ගෙන ඒමට නියමිතව තිබු වාහන ඇණවුම අවලංගු කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල් අමත්‍යංශයේ අද (15) පැවති මාධ්‍ය සාකච්ඡවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මැයි මස 24 වන දින කැබිනට් මණ්ඩලය විසින් එය අත්හිටවු අතර ඉන්පසු ඊට අදාල ඇණවුමද අවලංගු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතික කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *