ඔන්ලයින් හරහා මත්පැන් අලෙවියට කොවිඩ් කමිටුව අවසර නොදෙයි

(කොළඹ, ලංකාපුවත්) –මාර්ගගත ක්‍රමයට සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් අලෙවියට අනුමැතිය ලබා නොදීමට කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය පියවර ගෙන ඇත.

එය කොවිඩ් 19 වසංගතය තවත් ව්‍යාප්ත වීමට මෙන්ම තවත් සමාජ ප්‍රශ්න රැසක් ඇතිකරන කාරණයක් හෙයින් ඊට අවසර නොදිමටයි කොවිඩ් 19 කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබුණද එය ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකායේ අවසරය අවශ්‍ය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *