දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) –දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින “තෝර්“ නම් වූ සිංහ පෝතකයා මේ වන විට කොවිඩ්19 වෛරසය ආසාදිතව රෝගී තත්වයෙන් පසුවේ.

මෙම සත්වයා දින 03ක පමණ කාලයක් රෝගී තත්වයෙන් පෙළීම නිසා සිදුකළ මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කැස්සක් සහ උගුරේ වේදනාවකින් පීඩා විඳි බවයි.

අසනීප තත්වයෙන් පසුවූ තෝර්, පසුව PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව එය පොසිටිව් තත්වයට පත්වී ඇති අතර, මේ වන විට වෙනත් ස්ථානයක නිරෝධායනයට ලක්කොට ඇත. මෙම සත්වයා 2012 වසරේදී කොරියාවෙන් මෙරටට ගෙන එන ලදි.

තෝර් සමඟ සිටි ශීනා නැමැති සිංහ ධේනුව සහ තවත් සිංහයන් සිව් දෙනෙකුද වේ. එම සතුන් පිළිබඳවද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව දෙහිවල සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *