ලන්ඩන් පාරේ ඇවිද්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එරෙහිව දැඩි තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයඅවධානය යොමු කර තිබේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එසේම එම ක්‍රීඩකයින්ට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *