ශිෂ්‍යත්වය සහ උ.පෙළ විභාග ඔක්තෝබරයේ

(කොළඹ, ලංකාපුවත්) – දිගින් දිගටම ප්‍රධාන විභාග කල් දැමිය නොහැකි නිසා කලින් තීන්දු කළ පරිදිම ලබන ඔක්තෝබර් තුන් වැනිදා ශිෂ්‍යත්ව විභාගයත් එම මාසයේම අපොස උසස් පෙළ විභාගයත් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් මත යම් කිසි වෙනසක් විය හැකි මුත් බොහෝදුරට දැනට කර තිබෙන තීරණයේ වෙනසක් නොවෙනු ඇතැයි අමාත්‍යාංශ උසස් නිලධාරීන්යෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් අපොස සමාන්‍ය පෙළ විභාගය ජනවාරි මාසයේත් පැවත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් සනත් පූජිත මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා තීරණය මත විභාග පැවැත්වීමට සූදානම්ව සිටින බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ විභාග පැවැත්වීමට පෙර එම ශිෂ්‍යයන්ටත් ගුරුවරුන්ටත් කොරෝනා එන්නත් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =