විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ(03) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවිය.

වත්මන් රජය බලයට පත්වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස පත් වූ ඒ මහතා ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙස ද, ජාතික රක්ෂණ සංස්ථාවේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂක ලෙස සහ රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කර තිබේ.

දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *