ඩිජිටල් තාක්ෂණ භාවිතය කලාපීය සංවර්ධන කටයුතු සදහා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ඩිජිටල් තාක්‍ෂණික භාවිතය පිළිබද දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය කලාපිය ලෙස සංවර්ධනය කිරීම සඳහා වූ වැඩසටහනක් ආරම්භ කෙරේ.

මෙම කලාපීය පොකුරු සංවර්ධන ජාතික වැඩපිලිවළේ සමාරම්බය පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ විය. ඒ සදහා අදාළ සියලුම අංශවල සහබාගිත්වයෙන් දෙදින සමුළුවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි .

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක කෙරෙන ඩිජිටල් සන්වර්තන වැඩසටහන් අතර මෙය ප්‍රමුක තැනක් ගනියි . තාක්‍ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, විදුලි සංදේශ හවුල්කරුවන් සහ කර්මාන්ත පාර්ශවකරුවන් එක්ව සංවිධානය කල මෙම දෙදින සමුළුවේ අරමුණ වුයේ ජාතික ඩිජිටල් සන්වර්තන (Transformation) න්‍යාය පත්‍රය පිළිබඳව දැනුවත් කිරීම සහ එය ක්‍රියාවට නැංවීම සදහා කලාපීය හවුල්කරුවන් සමඟ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි.

උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම වැඩසටහන බස්නාහිර, දකුණු , නැගෙනහිර සහ මධ්‍යම යන පළාත් පහක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

උතුරු පළාතේ රාජ්‍ය ආයතන, කර්මාන්ත, කෘෂිකාර්මික තාක්‍ෂණ අංශය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය, තාක්ෂණ අධ්‍යාපන අංශය සදහා දේශීය හා විදේශීය විශේෂයින්ගෙ දැනුම හා අත්දැකීම් මෙහිදී බෙදා ගැණින. එමෙන්ම නව හා උසස් තාක්‍ෂණයන් හඳුන්වාදීම මෙන්ම නව තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය සහය සහ විසඳුම් සපයන තාක්ෂණය පදනම් කරගත් සමාගම් සමඟ සම්බන්ධ කිරීමද ඉදිරියේදී සිදුකෙරේ.

පසුගිය 25 වන දින පැවති රාජ්‍ය අංශයේ සමුළුව සදහා 158 දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ අතර 26 වන දින ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පවතී සමුළුව ට නියෝජිතයෝ 140 සහබාගි වුහ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල පහෙ නියෝජෝත්යන් 15 දෙනා බැගින් භෞතිකව ද සම්බන්ධ වූ අතර සමස්ත සහබාගිත්වය 225කි.

මෙහි ආරම්භක අවස්ථාවට එක්වූ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘අපගේ තරුණ පරපුරේ තාක්ෂණ කුසලතාවන් සඳහා පහසුකම් සැපයීමට සහ සහාය දැක්වීමට අප අවශ්‍යයි. එය සිදු කිරීම සඳහා, නව රැකියා උත්පාදනය කිරීම, තාක්‍ෂණය භාවිතා කරමින් ලදායිතාව ඉහළ නැංවීම,සක්‍යතා වර්ධනය කිරීම සහ කලාපවල ආධාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අවශ්‍ය වේ. තාක්ෂණ උද්‍යාන පහක් ස්ථාපිත කිරීමට සහ යාපනයේ සහ මන්නාරම තොරතුරු තාක්ෂණ උද්‍යාන දෙකක් පිහිටුවීමට අප සැලසුම්කර ඇත. එමෙන්ම තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අදාළ තාක්ෂණික වෘත්තිකයන් 300000 ලක්ෂ තුනක් බිහිකිරීම සඳහා ද වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත. ජාතියක් වශයෙන් අප දැන් අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය සඳහා ප්‍රගතිශීලී මාවතක ගමන් කරමින් සිටිමු. ඒ සදහා යන ගමනේ සෑම පාර්ශවයකම සහයෝගයෙන් එහි ප්‍රතිලාභ ලබා ගැනීමට අපි අපේක්ෂාකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනලදී .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලෙස අපි ජාතික ඩිජිටල් සන්වර්තන න්‍යාය පත්‍රයේ පහසුකම් සපයන්නා වන අතර එය ඉටුකිරීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩසටහනක් සකස් කර ඇත්තෙමු. ඩිජිටල් රාජ්‍ය , ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් නීති සහ ප්‍රතිපත්ති, ඩිජිටල් සේවා සහ ඩිජිටල් තාක්ෂණය ඒ සදහා අප හදුනාගෙන අංශ 5 යි. ඩිජිටල් රාජ්‍ය ක්‍රියාවලිය තුලින් – පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ඩිජිටල්කරණය කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සඳහා සේවාවන් ඩිජිටල්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරඇත . මෙසදහා ක්‍රියාත්මක කර ඇති වැඩපිලිවලේ ප්‍රගතිය අපි දැනටමත් ලබමින් සිටිමු.ඔහු තවදුරටත් කියා සිටියේ, ‘ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයට අනුකූලව, ශ්‍රී ලංකාව ඩිජිටල් භාවිතයේ පිරිපුන් ජාතියක් බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන අරමුණු පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ශාකෙරෙනබවයි. . එනම් තාක්‍ෂණ පාදක ව්‍යාපාර සංවර්ධනය, ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික ව්‍යාප්තිය සහ කලාපීය පොකුරු සංවර්ධනය යන අරමුණුයි. එය ක්‍රියාත්මක කිරීමට සහ ඩිජිටල් පරිවර්තනයේ පණිවිඩය බිම් මට්ටමට ගෙනයාමට බොහොකටයුතු කලයුතුවතිබේන බවද ඔහු පෙන්වාදෙනලදී.
සැසිවාරය අමතමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා මෙසේ පැවසීය. “අපි මෙම වැඩසටහන උතුරු පළාතෙන් ආරම්භ කළ අතර දැනට පවතින සංඛ්‍යාලේඛන හා තොරතුරු අනුව උතුරු පළාතේ අපගේ ඩිජිටල් පරිවර්තනය වේගයෙන් කිරියාත්මක හැකි පරිසරයක් ඇතැයි අපි විශ්වාස කරමු. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ආරම්භක ව්‍යාපාර ප්‍රජාව නියෝජනය කරන්නේ උතුරු පළාතයි. තවද එම පණිවිඩය අනෙක් කලාපවලට ද ගෙනයාමට අපට අවශ්‍යයයයි . තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අපි පහසුකම් සපයන්නෝ වෙමු. ආරම්භක ව්‍යාපාර සඳහා විකල්ප ණය රාමුවක් ඇතිකිරීම වැනි ආරම්භක පියවරයන්, පහසුකම් ප්‍රවර්ධන වැඩසටහන් හරහා ඉහල සංවර්ධනය සඳහා ඇති බාධක ඉවත් කිරීම, ආරම්භක ව්‍යාපාරයයන්ට ගෝලීය වේදිකාවට පිවිසීමට සහාය වීම, ඩිජිටල් හැකියාවෙන් යුත් තරුණ තරුණියන් බිහිකිරීම , අනාගත අභියෝගවලට සූදානම් කාන්තාවන්, බිහිකිරීම ඇතුළු ඩිජිටල් ලෙස සංවර්ධනය කිරීම සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙමගින් ‘විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්’ සහ ඩිජිටල් ‘වැඩිහිටි පරම්පරාව’ ක් බිහිකිරීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළකළේය.

උතුරු කලාපයේ ඩිජිටල් තාක්‍ෂණය සංවර්ධනය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ඉදිරියට යාමේ සදහා උතුරු පළාත් තොරතුරු තාක්ෂණ වාණිජ මණ්ඩලයේ සභාපති ටී. තවරුබන් මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු මහින්ද බි හේරත් මහතා අතර අවබෝදතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් කෙරිණ.

තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ඩයලොග් ඇක්සියාටා පුද්ගලික සමාගම. සීමාසහිත, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්, භාරතී එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගම. සීමාසහිත, හචිසන් ටෙලිකොම් -ශ්‍රී ලංකාව, යාපනයේ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS ), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS ) NCIT, CSSL, SLINTEC, SLIBTEC යන ආයතන සහ උතුරු කලාපයෙන් සම්බන්ධ වූ දිස්තික්ලේකම් යාපනය විශ්වවිද්‍යාලය ඇතුළු සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂන් නියෝජිතායතනයේ කලාපිය සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දුමිනි කොඩිකාර මහත්මිය ස්තුතිය ප්‍රකාශ කරමින් කියාසිටියේ මෙම කාර්ය ඉදිරියට ගෙනයාම සදහා සෑමකෙනේකුගේම සහාය ඉතා වැදගත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *