කාබනික වගාවට ජපානයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ.

ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අධ්‍යනය කිරීමෙන් පසු ආයතනයේ ප්‍රධානීන් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුවය.

ශාක කොටස් හා ගොම එක්කරමින් මහාපරිමාණ ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එහි නයිට්‍රජන් ප්‍රතිශතය සියයට හතරක් (4%) බවත් එය වගාවන් සදහා ඉතා හොඳ තත්වයක් බවත් පවසා සිටී. මොවුන් මේ සඳහා ගව අපද්‍රව්‍ය මූලිකව යොදාගනී.

එම ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගාවන් සඳහා දැනුම ලබා දීමටත්, තාක්ෂණය ලබා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබා දීමටත් එකඟතාවය පලකර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකටද රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් එක්විය.මෙම අවස්ථාවට ජපානයේ සිටින එබාරා රැස්කි (EboraRuske, in charge of agriculture), ෆාන් නගාකි (Fan Nagaki) නිෂ්පාදන කළමණාකරු, chnosankiouki cop කර්මාන්ත ප්‍රධානි යමන්චි යස්ෂියෝ (YamanchiYasshio),සහ ශ්‍රී.ලං.පො.පෙ.ජපාන ශාඛාවේ ප්‍රධානී ජයන්ත හෙට්ටිආරච්චි, ජේ.අයි.ටී.එච්.රණසිංහ, ජේ.බී.ලලින්ද, සුසන්ත පෙරේරා යන මහත්වරුන් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *