“සතොස කහට ” නව තේ නිෂ්පාදනයක්

(කොළඹ, ලංකාපුවත්) –වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් නව තේ නිෂ්පාදනයක් සතොස ජාලයන් හරහා හඳුන්වා දී ඇත

තේ කලාවේ මහගෙදර නමින් විරුදාවලිය ලත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙතින් වස විස රසකාරක වලින් තොර “සතොස කහට “නමින් සහන මිලට නව නිෂ්පාදනයක් වෙළඳපලට හඳුන්වා දී ඇත

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති විංග් කමාන්ඩර් බුවනෙක අබේසූරිය මහතාගේ මගපෙන්වීම හා සතොස ආයතනයේ සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ හා ජනවසම නියෝජ්‍ය සභාපති පරාක්‍රම සෙනෙවිරත්න මහතාගේ දායකත්වය මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි

මෙම නිෂ්පාදනයන් දිවයිනේ සියළු සතොස ජාලයන් හරහා ග්‍රෑම් 100 ක තේ පැකට් එකක් රු.80 කට ද ග්‍රෑම් 200 තේ පැකට් එකක් රුපියල් 155 කට වැනි සහන මිලකට පාරිභෝගිකයින් වෙත මිළ දී ගැනීමට අවස්ථාව සලසා ඇති බව වාර්තා වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *