ඉන්දීය විශේෂ නියෝජිතයා තලේබාන් දේශපාලන අංශ ප්‍රධානී හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –තලේබාන් පාර්ශවයේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් දෝහා හි ඉන්දීය තානාපති කාර්යාලයයේ දී, මෙම හමුව සිදු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් Indianewsnetwork.com වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම හමුව අඟහරුවාදා දින කටාර්හි ඉන්දීය තානාපති දීපක් මිත්තල් මහතා හා දෝහාහි තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රධානී ෂේර් මොහොමඩ් අබ්බාස් ස්ටැනෙක්සායි අතර සිදුවිය. අගෝස්තු 15 වැනිදා ඇෆ්ගනිස්තානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීමෙන් පසු ඉන්දියාවේ හා ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය අතර සිදුවූ පළමු විධිමත් සම්බන්ධතාවය මෙය වේ.

තලේබාන් පාර්ශවයේ ඉල්ලීමකට අනුව මෙම හමුව දෝහා හි ඉන්දීය තානාපති කාර්යාලයේදී සිදු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයට අනුව ඇෆ්ගනිස්තාන භූමිය ඉන්දියානු විරෝධී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා කිසිඳු ආකාරයකින් භාවිතා නොකළ යුතු බවට ඉන්දියානු තානාපතිවරයා අවධාරණය කර සිටියේය.

මෙම ගැටළුව සාධනීය ලෙස විසඳන බවට තලේබාන් නියෝජිතයා ඉන්දීය තානාපතිවරයාට සහතික විය.

ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් නැවත ඉන්දියාවට ගෙන්වාගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානයට බඳුන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *