අගමැති ඉදිරි සති අග ඉතාලියේ සංචාරයක පාප් වහන්සේ හමුවීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ඉතාලියේ බොලබ්නා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවකට සහභාගිවීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් වන මේ සම්මන්ත්‍රණයට සහභාගි වී එම සම්මන්ත්‍රණයේ පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අගමැතිවරයාට ඇරියුම් ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අගමැතිවරයා ප්‍රමුඛ ඉතාලියේ ඉහළ පෙළේ දූත පිරිසක්ද හමුවීමට නියමිතය. අගමැතිවරයා සමඟ විදේශ කටයුතු ඇමැති, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගී වෙයි.

එහිදී අගමැතිවරයා වතිකානුවේදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළ වන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *