ඉන්දියාවේ අන්තර්ජාල භාවිතයේ ඉදිරි පිම්ම

(කොළඹ, ලංකාපුවත්) –අන්තර්ජාලය හරහා කටයුතු කරන මිලියන 80 ක ග්‍රහකයන් සිටින ලොව විශාලතම අන්තර්ජාලය හා සම්බන්ධිත රටක් බවට පත්වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය රජයේ ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රජීව් චන්ද්‍රසේක්හර් මහතා, වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංගමය(United Nations Conference on Trade and Development- UNCTAD) සමඟ පැවති ඉහළ පෙළේ ප්‍රතිපත්ති සංවාදයකදී පැවසූ බව India News Network සඳහන් කරයි.

මාර්ගගත (online) ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම UNCTAD සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියාවේ මැති ඇමතිවරු සහභාගි වූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඩිජිටල්කරණය පිළිබඳ ඉන්දියානු සාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ හා ඉන්දුනීසියාවේ අමාත්‍යවරුන් සමග අදහස් හුවමාරු කරගත්තේය. ගෝලීය තාක්ෂණ පරිසර තුළ ලෝකයට නව්‍ය විසදුම් ලබා දීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙහෙයවීම ද ඉස්මතු කර දැක්වීය.

පුරවැසියා සහ රජය අතර දුරස්ථභාවය පසුගිය වසර 6 තුල විශාල ලෙස අඩුකර ගැනීමට ගැනීමට ඩිජිටල්කරණය මගින් හැකි වූ බවත් ඩිජිටල් හැඳුනුම්පත, ඩිජිටල් ගෙවීම් පද්ධති, ඩිජිටල් සාක්ෂරතාව සහ පොදු ඩිජිටල් වේදිකාවන් උපයෝගී කර ගනිමින් සමාජ සහනාධාර කාන්දු වීම වැළැක්වීමට හැකිවූ බවද මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

සාමාන්‍ය පුරවැසියන් හා කුඩා ව්‍යාපාර සඳහා කටයුතු කරන පාලන ක්‍රමය තුළ තාක්‍ෂණයේ බලය ඉන්දියාව විසින් පෙන්නුම් කර ඇති බව සඳහන් කරමින් තාක්ෂණයේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පුද්ගලයින්ගේ ජීවිත තාක්ෂණික පරිවර්තනයකට භාජනය කරමින් තාක්‍ෂණය මූලික කරගත් පාලන ආකෘතියක් ඉන්දියාව විසින් සාර්ථකව ප්‍රදර්ශනය කර ඇති බව පැවසු අමාත්‍යවරයා පාලනයේ දියුණුව සඳහා තාක්ෂණය අපේක්ෂා කරන සමාන අදහස් ඇති අන්‍ය ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව වැඩිදුරටත් සඳහන් කළේය.

පොදු ඩිජිටල් වේදිකාවන් උපයෝගී කරගෙන සිදුකරන ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ තාක්ෂණ පාලනය හා සාමාජීය ඇතුලත් කිරීම් සඳහා ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව UNCTAD ප්‍රතිපත්ති සංවාදයේදී අමාත්‍යවරයා සදහන් කළේය.

මූලාශ්‍ර – India news network

Leave a Reply

Your email address will not be published. Required fields are marked *