සතොස රටපුරා අලෙවිසල් තවත් සියයක්

(කොළඹ, ලංකාපුවත්) –මේ වසර අවසාන වීමට පෙර සතොස අලෙවිසැල් තවත් සීයක් රටපුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට හා හිඟයකින් තොරව සැපයීමට මෙම පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.

මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව පවතින ගොඩනැගිලි ලබාගන්නා බව කී ඇමැතිවරයා මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සතොස ගබඩා 25ක් ද ආරම්භ කරන බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *