නාඩු වී කිලෝවකට රජයෙන් රු.55ක් අද සිට

(කොළඹ, ලංකාපුවත්) –නාඩු වී කිලෝවක් රුපියල් 55කට අද (14) සිට මිල දී ගැනීමට කැබිනට් මණ්ලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස් වූ කැබිනට් රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒ අනුව මීට පෙර නාඩු කිලෝවක් රුපියල් 50කට මිල දී ගත් අතර එය තවත් රුපියල් 05ක් වැඩි කරමින් රුපියල් 55කට අද (14) සිට ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *